තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනශක්ති අධ්‍යක්ෂකගේ ඝාතකයා ළඟදීම කොටුවන හැඩ

    ජනශක්ති අධ්‍යක්ෂකගේ ඝාතකයා ළඟදීම කොටුවන හැඩ

    ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මෙරට සමාගම් රැසක අධ්‍යක්ෂධූර දරමින් සිටි දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශන අලුත් මාවතක් ඔස්සේ සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකටයුතු තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇති අතර එවා වඩාත් තහවුරුකර ගැනීමට විද්‍යාත්මක විමර්ශනයක් මේ වන විට සිදුවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එම තහවුරුකර ගැනීමෙන් අනතුරුව ඇතැම් විට හිතාගැනීමටත් නොහැකි සිදුවීම් රැසක් අනාවරණයවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

    බොරැල්ල සුසාන භූමියේදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සිදුව තිබුණි. නිවසින් පිටත්ව පැයක් වැනි කාලය තුළ බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථයක ගෙලසිරකර සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව හමුවී තිබුණි. ෂාෆ්ටර් මහතාව සොයාගන්නේ ද වසර 19ක් තිස්සේ ඔහුගේ ළගින්ම සිට ව්‍යාපාර අධ්‍යක්ෂවරයෙකි. ඒ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳ විසින් කළ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img