තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බම්බලපිටියේ නිවසක මහ දවල් කෝටි ගණනක කොල්ලයක්

    බම්බලපිටියේ නිවසක මහ දවල් කෝටි ගණනක කොල්ලයක්

    මෙරට වාහන වෙළදාම් කිරීමේ ව්‍යපාරයකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුගේ බම්බලපිටිය ස්කෙල්ටන් පාරේ පිහිටි පිහිටි නිවසකට ඊයේ සහවල් කඩාවැදුණු කොල්ලකරුවෙක් රුපියල් කෝටි 03ක පමණ මුදල් හා රණ්බඩු සමඟ ව්‍යාපාරිකයා සතු ගිනි පිස්තෝලයද කොල්ලකා පළා ගොස් ඇත.

    ගිනි අවිය බලපත්‍ර සහිත එකක් බව පොලීසිය කියයි.

    මෙම කොල්ලය සිදුවන විට ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික ස්ථානයට ගොස් සිට ඇත. නිවසේ සිට ඇත්තේ බිරිද පමණක් බව පොලීසිය කියයි.

    නිවසේ තෙවැනි මහලේ පිහිටි ව්‍යාපාරිකයාගේ කාමරයට ඇතුළු වී කොල්ලකරු රුපියල් එක්කෝටි ලක්ෂයක මුදල්ද, අමෙරිකානු ඩොලර් 6000ක්දථ මිලියන 10ක රන් භාණ්ඩද, සමග පතොරම් 12ක් සහිත ගිනි අවියද ඇතුළු තවත් දේපොල රැසක් රැගෙන පළාගොස් තිබෙන බව පොලීසිය කියයි.

    නිවසේ පිටුපස කොටසින් ගෙවත්තට ඇතුළු වී අපජල බැසයන බට වල එල්ලී ඉහළ මහලට මෙම සැකකරු පැමිණ නිවසට ඇතුළු වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img