තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැව් 24කින් ලංකාවට එන්නේ මොනවද? - අදත් නැවක් එයි

    නැව් 24කින් ලංකාවට එන්නේ මොනවද? – අදත් නැවක් එයි

    ලබන වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් 20 වැනිදා දක්වා ගල්අඟුරු නෞකා 24 ක් ලැබීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසුවේ විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ මේ හේතුවෙන් ගැටලුකාරි තත්ත්වයක් ඉදිරියේ දී උද්ගත නොවන බවයි.

    ගල්අඟුරු මොටි්‍රක්ටොන් 60,000 බැගින් වන නෞකා 33 ත් 38 ත් අතර සංඛ්‍යාවක් වසරක විදුලි ජනනයට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

    එමෙන්ම මෙම වසරට ඇස්තමේන්තු කර ඇති ගල්අඟුරු නෞකා 33 න් 4 ක් පසුගිය මාසයේදී කොළඹට ළගා වී තිබේ.

    අදාළ නෞකා 24 න් 21 ක ප්‍රසම්පාදන නියෝග නිකුත් කර ඇති බවත් නෞකා 12 ක තොග කැබිනට් අනුමැතියට යොමු කර ඇත.

    මේ අනුව ඉතිරි නෞකා 5 න් එක් නෞකාවක් අද දිනයේ දී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතය.

    සෙසු නෞකා හතර මෙම මාසයේ මැදභාගයේදී ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නලින්ද ඉලංගකෝන් මහතා වැඩිදුරටත් කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img