fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ වර්ග 151ක හිඟයක්

    ඖෂධ වර්ග 151ක හිඟයක්

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ වර්ග 151 ක හිඟයක් පවතින අතර රෝහල් මට්ටමින් සැලකුවහොත් ඖෂධ වර්ග 22ක පමණක් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ආර් එම් එස් රත්නායක මහතා පැවසීය.

    රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට ඩොලර් ලබා ගැනීමේ ගැටලුව හේතුවෙන් ඉකුත් කාලයේ හිඟයක් පැවතිය ද එය මේ වන විට මනා ලෙස කළමනාකරණය කර තිබෙන බවද රත්නායක මහතා කීය.

    කෙසේ වෙතත් ලබන වසරේ දී මෙරට ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම මග හැරෙනු ඇති බවද ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව ද අතිරේක ලේකම්වරයා කීය.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන දෙසීයක් ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් සහ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 22ක් ආදී වශයෙන් ඉකුත් කාලයේ දී ඖෂධ ගෙන්වා ගැනීමට ලැබුණු බව ද රත්නායක මහතා පැවසීය.

    ඉදිරි සති දෙක තුන තුළදී මේ රටට තවත් ඖෂධ තොගයක් ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.