තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩුකාරයෙක් බේරන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය ජාවාරම්කරු අත්අඩංගුවට

    කුඩුකාරයෙක් බේරන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය ජාවාරම්කරු අත්අඩංගුවට

    අවිස්සාවේල්ල තල්දූව නගරයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 2100ක් සමඟ අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් පොලිස් නිලධාරීන්ට ලබාදීමට සූදානම් වූ පුද්ගලයෙකුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ සීතාවක කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ දැනුම්දීමකට අනුවය.

    අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්කුඩු සමඟ හෂන් නිලූෂ ප්‍රේමලාල් නැමැති ජාවාරම්කරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    එම අවස්ථාවේදී එම ජාවාරම්කරුට සම්බන්ධ තවත් ජාවාරම්කරුවෙක් පොලිස් නිලධාරීන් මුණ ගැසී 50,000 මුදලක් ලබාදීමට කථාබහකරගෙන ඇති බවත් ඒ බව එම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව දැනුවත්කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානයට පැමිණි අමිතිරිගල පදිංචි අමිල සඳරුවන් නැමැති අය විසින් පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000ක මුදලක් ලබාදෙන අවස්ථාවේදිම අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img