තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රණවිරු නිවාස අරමුදලෙන් යුද හමුදාවේ 71 කට නිවසක් හදාගන්න සවියක්

    රණවිරු නිවාස අරමුදලෙන් යුද හමුදාවේ 71 කට නිවසක් හදාගන්න සවියක්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ මූල්‍යාධාර ලබා දීම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ අතින් පසුගිය දා සිදුකෙරුණි.

    එහිදී යුද්ධ හමුදා සාමාජිකයින්ට නව නිවාස ඉදිකිරීමට හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසයන්හි ඉදිකිරීම් නිමකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනලදී. මෙම අදියරයේ දී යටතේ නව නිවාස 31 ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.5 ක් බැගින් සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 40 ක ඉදිකිරීම් කටයුතු නිමකිරීම සඳහා රුපියල් 750,000/= ක් බැගින් ලබාදීම සිදුකෙරුණි.

    2015 වසරේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රණක්‍ෂිතයට පත්, සේවයේ නියුතු, විශ්‍රාමික සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නව නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති රණවිරු නිවාස අරමුදල ආරම්භ කරන ලදී.

    2015 වසරේ සිට මේ දක්වා නව නිවාස 264 ක් ඉදිකිරීමට සහ අර්ධ නිවාස 71 ක ඉදිකිරීම් කටයුතු නිම කරවාගැනීම සඳහා මෙම අරමුදල යටතේ මූල්‍යමය ප්‍රතිපාදන ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img