තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ රැකියා බැංකුවට නව වෙබ් අඩවියක්

    යුද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ රැකියා බැංකුවට නව වෙබ් අඩවියක්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයකර විශ්‍රාම ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ට තම සුදුසුකම් අනුව රැකියා අවස්ථා සොයාගැනීම පහසු කිරීම සඳහා නිර්මාණය කළ නව වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පසුගිය දා එළිදැක්වීය.

    ඒ නිර්මාණය කරන ලද්දේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේගේ සංකල්පයකට අනුවයි.

    දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන පෙළේ සමාගම් 13 ක් මේ වනවිට මෙම නව වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වී ඇත.

    යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම යෑමෙන් පසුව වෙනත් වෘත්තියක නිරතවීමට බලාපොරොත්තුවන්නේ නම් ඔවුන් මෙම වෙබ් අඩවිය පරිශීලනය කර තමන්ට ගැලපෙන වෘත්තියක් සොයාගැනීමේ හැකියාව හිමිවේ.

    ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් සහ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img