තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහරඹ දුම්රිය හරස් පාරේ අනතුරක් - රුසියානු කතක් සහ රියදුරු එතැනම මරුට

    මහරඹ දුම්රිය හරස් පාරේ අනතුරක් – රුසියානු කතක් සහ රියදුරු එතැනම මරුට

    හබරාදූව පොලිස් වසමේ දලවැල්ලේ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් අද උදෑසන දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇත.

    බෙලිඅත්තේ සිට වව්නියාව දක්වා ධාවනය වෙමින් තිබුණු සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ. මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක සංඥා පහන් සවිකර ඇතත් ඒවා ක්‍රියාත්මක නොවන බව පොලීසිය කියයි.

    දුම්රියේ ගැටුණු ත්‍රීරෝද රථය විසිවී ගොස් ගිණි ගැනීමකටද ලක්ව ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img