තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕමානයේදී කතුන්ට හිරිහැර කළ කුෂාන් කටුනායකදි අත්අඩංගුවට

    ඕමානයේදී කතුන්ට හිරිහැර කළ කුෂාන් කටුනායකදි අත්අඩංගුවට

    ඕමානයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැකවරණය පතා යන කතුන්ට අයුතු බලපෑම්කර ලිංගික අඩත්තේට්ටම් කළ බවට චෝදනා එල්ලවී වැඩ තහනමට ලක්ව සිටින තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ එදිරච්චිලාගේ කුෂාන් නැමැත්තාව කටුනායක ගුවන්තොටුපොලේදී අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

    ඕමානයේ සලාලා ගුවන්තොටුපොලේ (Salalah Airport ) සිට මෙරටට පැමිණ අලුයම 3.55 ට පමණ ගොඩබස්සවන ලද ගුවන් යානයකින් ඔහු මෙරටට පැමිණි විට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේය.

    මේ වන විට නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන දීර්ඝ ලෙස මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටී.

    ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කරමින් සිටි මෙම සැකකරුට එරෙහිව කාන්තාවන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඒ අනුව මෙම පුද්ගලයා එරට සේවය සඳහා ගොස් විවිධ හිරිහැරයන්ට ලක්ව රැකවරණය පතා ගිය කතුන් රැසකට ලිංගික අඩත්තේට්ටම්කර ඇති බවත් රැකවරණය පතා එන ඇතැම් කතුන්ව ඒ අයව එරටට ගෙන්වා ගත් ඒජන්සි වෙත නැවත භාරදෙන බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img