තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩයනාගේ පුරවැසිභාවය ගැන ලියවිලි දෙන්නැයි බලධාරීන්ට උසාවියෙන් නියෝග

    ඩයනාගේ පුරවැසිභාවය ගැන ලියවිලි දෙන්නැයි බලධාරීන්ට උසාවියෙන් නියෝග

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

    ඒ අනුව ඇයගේ පුරවැසිභාවය පිළිබඳ අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇතැයි සඳහන් ය.

    මෙම පෙත්සම ලබන දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.

    ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක කටයුතු කිරීමට තිබූ අවස්ථාව, පසුගිය දා එහිදී සම්මත කරගත් 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අවහිර කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img