තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතුන් ජාවාරම් සිද්ධියේ වැඩතහනම් තෙවැනි ලේකම්ට ඉන්ටර්පෝල් රතු නිවේදනයක්

    කතුන් ජාවාරම් සිද්ධියේ වැඩතහනම් තෙවැනි ලේකම්ට ඉන්ටර්පෝල් රතු නිවේදනයක්

    ඕමානයට මෙරට කතුන් රැගෙන ගොස් සිදුකරන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටි වැඩතහනමට ලක්ව සිටින කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

    ඊට අදාල අධිකරණ නියෝගයක් පවා තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ලබාගෙන ඇත. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාව මගින් පැරීසියේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයට මේ වන විටත් යොමුකර ඇත.

    කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ගැනීමට පියවර ගෙන ඇත්තේ ඔහු ඕමානයේ සිට මෙරටට නොපැමිණ වෙනත් රටකට පළායාමේ අවධානමක් මේ වන විට මතුවී ඇති බැවිනි.

    ඔහුට එරෙහිව මෙම රතු නිවේදනය ලබාගෙන ඇත්තේ කතුන්ට ලිංගික අඩත්තේටම් කිරීම් සම්බන්ධයෙනි. ඕමාන් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැකවරණය පතා පැමිණි ශ්‍රී ලංකිකක කතුන්ට මෙම පුද්ගලයා විසින් ලිංගික අඩත්තේට්ටම්කරන බවට මේ වන විටත් තැනැත්තන් වෙළදාම,ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයට කාන්තාවන් දෙදෙනෙක් විසින් ප්‍රකාශද ලබාදී තිබේ. එම ප්‍රකාශ මුල්කරගෙන මෙම නියෝගය ලබාගැනීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img