තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉහළ ගිය පාසල් උපකරණ මිල පහළ යයිද?

    ඉහළ ගිය පාසල් උපකරණ මිල පහළ යයිද?

    බදු පැනවීම හේතුවෙන් ඉහළ ගොස් ඇති පොත් සහ පාසල් උපකරණ මිල පිළිබඳ රජයේ අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

    සෙස් බද්ද හේතුවෙන් අභ්‍යාස පොත්, පාසල් උපකරණවල මිල ඉහළ ගියේය.

    ඒ අනුව සෙස් බද්ද අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව සඳහන් ය.

    මේ අතර 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන අප්‍රේල් මස අග හෝ මැයි මස මුල දී පැවැත්වීමට නියමිතව තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (27) පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් කියාසිටියේ, 2023 තුළදී සියලු විභාග නියමිත කාලයට පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

    චීනයෙන් නිල ඇඳුම් 70%ක් ලැබීමට නියමිතය. එහි පළමු තොගය දෙසැම්බර් 3 වන සතියේ මෙරටට ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා කීය.

    ලබන වසරේ මාර්තු වන විට පාසල් නිලඇඳුම් බෙදාහැරීමට අපේක්ෂිත ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img