තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‍ෂෙඩ් දෙන්නම් කියා කථිකාචාර්ය හිමිනමකගෙන් වයස්ගත උපාසිකාව කෝටි ගණනක් වංචා කරලා

    ‍ෂෙඩ් දෙන්නම් කියා කථිකාචාර්ය හිමිනමකගෙන් වයස්ගත උපාසිකාව කෝටි ගණනක් වංචා කරලා

    ඉන්ධන පිරවුම්හලක් ලබාදෙන බව සදහන් කරමින් රුපියල් ලක්ෂ 470 ක මුදලක් කැලණිය ප්‍රදේශය ආශ්‍රිත විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකගෙන් වංචා කළ වයස්ගත කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

    වයස අවුරුදු 71ක් වන එම කාන්තාව කඩවත සහ ගණේමුල්ලේ ඉන්ධන පිරවුම්හල් දෙකක් හිමි ගෝනවිල පමුණුවිල නානායක්කාර මාවතේ පදිංචි තැනැත්තියකි.

    විහාරාධිපති හිමි විශ්ව විද්‍යාල කථිකාචාර්ය හිමිනමක්ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සදහන් කළේය.

    උන්වහන්සේට ජපානයේ විහාරස්ථානයක්ද හිමි ය.

    මෙම කාන්තාව මෙම හිමිනම විහාරාධිපති ධූරය දරණ විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන හිතවත් වූ කාන්තාවක් බව කියැවේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img