තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සේවකයකු ලෙස රිංගා කර්මාන්තශාලාවල දේපොළ සොරාගත් සැකකරු දැලේ

    සේවකයකු ලෙස රිංගා කර්මාන්තශාලාවල දේපොළ සොරාගත් සැකකරු දැලේ

    කර්මාන්තශාලාවලට සේවකයකු යැයි හඟවා ඇතුළු වී උදෑසන සිට එහි සැඟවී සිට රාත්‍රියේ කාර්යාල බිද මුදල් සහ දේපොල සොරාගත් සොරකු නවගමුව පොලීසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩුවෙල පිහිටි ඇගළුම් කම්හලක් මෙලෙසම බිඳ සොරකම් කිරීමට තොරතුරු රැස්කිරීමට ගමන් කරමින් සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    නවගමුවේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලා 02ක් බිඳ දේපොල සොරා ගැනීමක් ගැන කෙරුණු දීර්ඝ විමර්ශනයකදී මෙම සැකකරු ගැන තොරතුරු හෙළිව තිබේ.

    ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු මෑතකදී පමණක් කරුමාන්ත ශාලා 10ක් බිඳ කෝටි දෙකකට ආසන්න මුදල් හා දේපොල සොරාගෙන ගොස් ඇති බවය.

    වලස්මුල්ලේ පදිංචිකරුවෙක් වන 28 වියැති මෙම සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුළි නිවාස සහ ලොජ්වල නවාතැන් ගනිමින් සොරකම්වල නිරතව සිට ඇති බව පොලීසිය කියයි.

    නවගමුවේ ඇඟළුම් කර්මාන්ත ශාලා දෙකට අමතරව ඔහු විසින් රත්මලානේ පිහිටි විදුලි උපකරණ අලෙවි ආවතනයක්, පූගොඩ පිහිටි ඇගුළුම් කර්මාන්ත ශාලාවක්, කොස්ගම පිහිටි පෝසිලේන් නිෂ්පාදන ආයතනයක්, අවිස්සාවේල්ලේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලා 02ක්, හුංගම පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක් බිද ඇතැයි විමර්ශව වලින් හෙළිවී තිබේ.

    මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් ලෙස අපරාධ ලේඛනාගාරයේ ලේඛනගතව ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි ආයතනයක සේප්පුවක් බිඳ රුපියල් ලක්ෂ 35ක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමෙන් පසු බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයාට එරෙහිව සොරකම් කිරීම් 100කට වැඩිය ඇති බවත් විටෙන් විට ඒ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ඇති බවත් නවගමුව පොලීසිය කියයි.

    මොහු විසින් කර්මාන්ත ශාලා බිඳ සොරා ගනු ලබන්නේ සේප්පුවල ඇති මුදල් හා කාර්යාලවල ඇති ලැප්ටෝප් පරිගණක, ජංගම දුරකතන ඇතුළු අතේ රැගෙන යා හැකි වටිනාකියන දේපොල පමණක් බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින මෙම පුද්ගලයා එසේ සොරාගන්නා මුදල් මෙන්ම සොරාගන්නා භාණ්ඩ අලෙවිකර ඒවා වැයකර ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයා විසින් මෑතක සිදුකළ කර්මාන්ත ශාලා බිද සොරාගත් මුදල් හැරුණු කොට සෙසු දේපොල සියල්ලක්ම සොයා ගැනීමට නවගමුව පොලීසිය සමත්ව ඇත.

    ඒ අනුව ලැප්ටොප් පරිගණක 10ක්, ටැබ් යන්ත්‍ර 03ක්, ජංගම දුරකතන 03ක් රන් ගුළියක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img