තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්වෙන කරල් 78,000ක් එක්ක ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    මත්වෙන කරල් 78,000ක් එක්ක ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    මත්කුඩු වෙනුවට මත්කුඩු ලෝලීන්ට මත්වීමට මත්කරල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගත් කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මත්කරල් 78300ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෝදර හා මට්ටක්කුලිය ප්‍රදේශ ආශ්‍රිතව මත්කරල් අලෙවි කරමින් සිටි මෙම සැකකරුව ඊයේ මත්කරල් 4800ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු මත දෙහිවල පිහිටි ඔහු පදිංචිව සිටින නිවස පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී එම නිවසේ තිබී තවත් මත්කරල් 73,800ක් සොයා ගෙන ඇත.

    47 වියැති මෙම සැකකරු මාලිගාකන්ද අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img