තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පදවිය වැව් බැම්ම පාමුල නිධන් හාරලා

    පදවිය වැව් බැම්ම පාමුල නිධන් හාරලා

    පෞරාණික වස්තූන් සෙවීමේ අදහසින් පදවිය වැව් බැම්ම පාමුල විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පදවිය පොලිස් වසමේ බොක්කබැද්ද හා ලාතුගල යන ගම්මාන අතර වම් පසින් පිහිටි ගල්ඔරුව කන්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම කර ඇත.

    පදවිය වැව් බැම්ම පාමුල පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ සෙවිමේ අරමුණින් දීර්ඝ කාලයක් තිස්සේ වැව් බැම්ම විනාශ කරමින් මෙම කැණීමකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 41, 39, 37, 29 ක් වන පදවිය සහ බිංගිරිය ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් ය.

    මෙම පුද්ගලයින් සමග කැණීම් උපකරණ ඇතුළු පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පදවිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img