තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය දෙවන වර කියවීමේ ඡන්දය අද - පක්ෂ කිහිපයක්ම එරෙහිවෙන්න සූදානම්

    අයවැය දෙවන වර කියවීමේ ඡන්දය අද – පක්ෂ කිහිපයක්ම එරෙහිවෙන්න සූදානම්

    2023 වසර වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

    පසුගිය 14 වන දා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු දින 7ක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.

    අද පැවැත්වෙන ඡන්ද විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය තීරණය කර ඇත.

    අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා පැවැත්වෙ

    එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කිරීමෙන් පසුව අයවැය සම්මත වීමට අදාළ කටයුතු සිදුකෙරේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයැවයට කොන්දේසි විරහිතව සහය පළකරන බව ප්‍රකාශ කර ඇති අතර ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින කණ්ඩායම්, විපක්ෂයේ සෙසු පක්ෂ අද දින සාකච්ඡා කර සිය තීන්දු ගන්නා බව ද වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img