තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩා -මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට අයවැයෙන් රුපියල් බිලියන 2ක්

    කුඩා -මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට අයවැයෙන් රුපියල් බිලියන 2ක්

    2023 වසර සඳහා වන අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර අංශයට අරමුදල් සැපයීමට සහ ආධාර කිරීමට රු. බිලියන 2 ක මුදලක් වෙන් කර තිබේ.

    වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් ආර්ථික තත්ත්වය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) නගා සිටුවීම සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීය.

    මෙහිදී ක‍්‍රමානුකූලව ආධාර ලබාදිය යුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තක්සේරු කිරීමට නිසි ක්‍රමයක් සැකසිය යුතු බව ද කමිටුව විසින් පෙන්වා දෙන ලදී.

    තවද, ඩොලමයිට් කර්මාන්තය පිළිබඳව ද කමිටුවේදී අවධානය යොමු විය. පුපුරණ ද්‍රව්‍ය හිඟය නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මෙම තත්ත්වය නිරාකරණය කිරීම සදහා මැදිහත් වන බවත් පුපුරණ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    බතික් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී පවතින ගැටලු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ කරුණු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img