තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රියදුරු බලපත් එක්දින සේවාවෙන් දවසට කාඩ් 50යි

    රියදුරු බලපත් එක්දින සේවාවෙන් දවසට කාඩ් 50යි

    රියදුරු බලපත්‍ර එක්දින සේවා ක්‍රමය යටතේ දිනකට කාඩ්පත් 50ක් පමණක් දැනට මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේදී බලපෑ කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවෙන් කාඩ්පත් ලක්ෂ 6ක් මුද්‍රණය කොට බෙදාහැරීම අවසන් වනතෙක් ය.

    දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ධාරිතාවය ආවරණය කිරීම සඳහා කාඩ්පත් ලක්ෂ 5ක් ලැබී තිබේ.

    එම කාඩ්පත් මුද්‍රණය කිරීම පසුගිය සඳුදා (14) සිට ආරම්භ කර ඇත.

    දිනක් ඇතුළත කාඩ්පත් 1,700ක් මුද්‍රණය කිරීමේ හැකියාව දෙපාර්තමේන්තුවට පවතී.

    ඒ අනුව එක්දින සේවාව සඳහා කාඩ්පත් 50ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇත.

    දෛනිකව කාඩ්පත් නිපදවිය හැකි ධාරිතාවෙන ඉතිරි කොටස වන කාඩ්පත් 1,650 තාවකාලික බලපත්‍රලාභී ලක්ෂ 6 දෙනා වෙනුවෙන් එම ඉලක්කය සපුරා ගන්නා තෙක් මුද්‍රණය කර බෙදාහරින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img