තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතුන් දෙදෙනෙක් එක්ක මත්කුඩු ජාවාරමේ නිරත වූ පොහොට්ටුවේ මන්ත්‍රී අල්ලයි

    කතුන් දෙදෙනෙක් එක්ක මත්කුඩු ජාවාරමේ නිරත වූ පොහොට්ටුවේ මන්ත්‍රී අල්ලයි

    මත්කුඩු ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු සහ කාන්තාවන් දෙදෙනකු මාතලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මන්ත්‍රිවරයා සන්තකයේ තිබි හෙරෝයින් මිලිගෑම් 2600ක ප්‍රමාණයක්ද සැකකාර කාන්තාවන් සන්තකයේ හෙරෝයින් මිලිගෑම් 2500ක ප්‍රමාණයක්ද තිබි හමුවු බව පොලීසිය සඳහන් කළේය.

    මෙම මන්ත්‍රීවරයාට එරෙහිව මෙයට පෙරද මෙවැනිම චෝදනා ඇති බවත් ඊට අමතරව සොරකම් කිරීම් සම්බන්ධයෙන්ද චෝදනා තිබෙන බවත් පොලීසිය කියයි. ළමා අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන්ද මෙම මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img