තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එස්.ටී.එෆ්. සමඟ වෙඩි හුවමාරුවකදී ඝාතන සැකකරුවන් දෙදෙනකු මරුට

    එස්.ටී.එෆ්. සමඟ වෙඩි හුවමාරුවකදී ඝාතන සැකකරුවන් දෙදෙනකු මරුට

    දැනට විදේශගතව සිටින, සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දික නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

    විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින මිනුවන්ගොඩ, පොල්වත්ත, ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

    පසුගිය අගෝස්තුවේ ඌරගහ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා ගිය මාසයේ දිනයක යක්කලමුල්ල පොලිස් වසමේ දී වයස අවුරුදු 04 ක් වයසැති කුඩා දරුවෙකු හා පියා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ ප්‍ර‍ධාන වෙඩික්කරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී විශේෂ කාර්ය බලකාය නිලදාරීන් හා සැකකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

    සිදු වූ තුවාල හේතුවෙන් සැකකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

    වැටලීමේ දී විශේෂ කාර්ය බලකාය නිලදාරියෙකු සුළු තුවාල ලබා වැඩිදුර ප්‍ර‍ථිකාර සදහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කර ඇත.

    එහි දී මියගිය පුද්ගලයින් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ඌරගහ ඉන්දික යන අයගේ ප්‍ර‍ධාන ගොලයන් දෙදෙනෙකු වන මිලාන් කෝසල (ජුන්ඩා) සහ ගමගේ ඩිලුක (මුලා) පෝද්දල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනා බවට හඳුනාගැනිණ.

    එහි දී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කු 01 ක් සහ රම්බෝ වර්ගයේ පිහියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ම්නුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img