තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානු-යුක්රේන ගැටුම ගැන චීනය කළ ඉල්ලීම

    රුසියානු-යුක්රේන ගැටුම ගැන චීනය කළ ඉල්ලීම

     
    රුසියානු -යුක්රේන අර්බුදය සමනය කිරීමට යළි සාකච්ඡා අරඹන්නැයි චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලාසිටී.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ(16) යුක්රේනයේ තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් පැවැත්වීය.

    ජගත් සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එහිදී පෙන්වා දුන්නේ,  කෙතරම් දුෂ්කරතා සහ අභියෝග පැවතිය ද, ජාත්‍යන්තර ප්‍රජාව එක්සත්ව හැකි ඉක්මණින් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා වගකිවයුතු කාර්යභාරයක් ඉටුකිරීම අවශ්‍ය බවයි.

    ධාන්‍ය සහ පොහොර අපනයනයේ දී රුසියාව මුහුණ පාන දුෂ්කරතා විසඳීමේ දී සම්බන්ධීකරණ භූමිකාවක් ඉටුකරන චීනය ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහ ඔහුගේ කණ්ඩායමට අඛණ්ඩව සහාය දෙයි. එසේම, සම්බාධකවල ඍණාත්මක බලපෑම ඉවත් කිරීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද Zhang Jun මහතා පැවසීය.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img