තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය ගැන ආණ්ඩුවේ විපක්ෂයේ විශේෂ රැස්වීම් කිහිපයක්

    අයවැය ගැන ආණ්ඩුවේ විපක්ෂයේ විශේෂ රැස්වීම් කිහිපයක්

    ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් ප්‍රධානත්වයෙන් අද(14) පස්වරු පහට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    අයවැය යෝජනා පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත ය.

    මේ අතර අයවැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද පස්වරුවේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

    එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අද(14) පස්වරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එම රැස්වීම පැවැත්වෙන බවයි.

    මේ අතර අයවැය යෝජනා පිළිබඳව සාකච්ජා කිරිම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදි කණ්ඩායම නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩාමේ රැස්විමක් අද (14) පස්වරු 5ට පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img