තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිලිණි එක්ක තිබුණු සම්බන්ධය ගැන ඥානසාර හිමිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    තිලිණි එක්ක තිබුණු සම්බන්ධය ගැන ඥානසාර හිමිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිලිණි ප්‍රියමාලි සමඟ පැවති සම්බන්ධකම් සහ ගණුදෙනු ගැන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු දීර්ඝ ලෙස අද ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන්කරගෙන තිබේ.

    තිලිණි ප්‍රියමාලිගේ ජංගම දුරකතනයෙන් මතුවූ හඩ පට කිහිපයකම ඥාණසාර හිමියන් සමඟ පැවති සම්බන්ධකම් ගැන තොරතුරු හෙළිවීම මෙන්ම තිලිණිගේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වෙනි මහලේ පිහිටි කාර්යාලයේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම ගැන මෙහිදී දිර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    ඥාණසාර හිමියන්ගේ මෝටර් රථයක් සම්බන්ධයෙන් වූ රුපියල් ලක්ෂ 375ක ගණුදෙනුවක් ගැනද හඩ පටයක සඳහන්ව ඇති බැවින් ඒ ගැනද උන්වහන්සේගෙන් ප්‍රශ්න කර ඇත. ඥාණසාර හිමියන්ගේ මෝටර් රථයක් බේරා ගැනීමට තිලිණි එම මුදල ලබාදුන්නේ යැයි එම හඬපටයේ සඳහන් වන්නේ ජානකී සිරිවර්ධනටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img