තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටෙන්ඩරෙනුත් පැන කෝටි 38ක් ගෙවා ඉන්දියාවෙන් ගන්න හදන දේ ගැන සැකයක්

    ටෙන්ඩරෙනුත් පැන කෝටි 38ක් ගෙවා ඉන්දියාවෙන් ගන්න හදන දේ ගැන සැකයක්

    දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය මැන බැලීමේ මාපක තොගයක් නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් කෝටි 38ක් ගෙවා මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නැවත උත්සාහයක නිරත වන බවට තොරතුරු වාර්තා වේ.

    ඉන්දියානු ණය ක්‍රමය යටතේ යටතේම මාපක තොග වැඩි මිලකට ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීමට මීට ඉහත සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහයක් දරා තිබූ අතර ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු පිටවීම හේතුවෙන් එය නතර කෙරිණ.

    කෙසේ වෙතත් ඉන්දියානු ණය ක්‍රමය යටතේ මාපක හා පටි මිලදී ගැනීමට තෝරාගෙන තිබූ ඉන්දියානු සමාගමෙන්ම නැවත රජයේ මුදලින් මාපක තොගයක් මිලදී ගැනීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන බවද වාර්තා වේ.

    පළමු වතාවේ වතාවේදී මාපක සහ පටි එකක් රුපියල් 85කට මිලදී ගැනීමට සූදානම් කර තිබූ අතර, මෙවර එකක් රුපියල් 37.42ක් වැනි මුදලකට මිලදී ගැනීමට සූදානම් වන බව ද පැවසේ.

    විවෘත ටෙන්ඩර් ක්‍රමවේද යටතේ මාපක එකක් රුපියල් 22-32 ත් අතර මිලකට ලබාගැනීමට හැකියාව තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා වැඩි මිලකට ලබා ගැනීමට යාම පිටුපස බරපතළ සැකයක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම මාපක හා පටි තොගය මිලදී ගැනීමට නියමිත ඉන්දියානු සමාගම ඖෂධ හා නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමක් නොවන අතර එහි නිෂ්පාදන ප්‍රමිතිය තොර බවට ඉන්දියාවේ තහවුරු වී ඇතැයි ද පැවසේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. අවශ්‍ය මාපට හා පටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉල්ලීම් කලොත් ආදාර පිලිවෙලින් ලැබෙනවා. ණයට ගත්තා නම් ආපසු ගෙවිය යුතුයි.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img