තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාවික හමුදාව අල්ලාගත් කුඩු කිලෝ 300ට හරක් කටාගේ නමත් ගෑවේ

    නාවික හමුදාව අල්ලාගත් කුඩු කිලෝ 300ට හරක් කටාගේ නමත් ගෑවේ

    නාවික හමුදාව විසින් කළ මෙහෙයුමකදී අල්ලාගෙන අද උදෑසන ගොඩබිමට රැගෙන පැමිණි හෙරොයින් කිලෝ 300 මෙරටට එවා ඇත්තේ හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රධානියෙක් වන රන්මල්ලී නැමැත්තා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මේ වන විට ඩුබායි හී රැදී සිටින ඔහු පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇනවුම් ලබාදෙමින් මෙම මත්කුඩු තොගය මෙරටට එවා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පකිස්තානු බෝට්ටුවකින් මෙම හෙරොයින් තොගය ලබාගෙන ඇත.

    දෙවුන්දරින් පසුගිය ඔක්තෝබර් 11 වෙනිදා මුහුදු ගිය අංක IMULA – 0879 MTR දරණ කවිදු පුතා නැමැති බහුදින ධිවර යාත්‍රාව විසින් එම හෙරෛායින් තොගය භාරගෙන තිබේ. ඒ පසුගිය ඔක්තෝබර් 24 වෙනිදාය.

    නාවික හමුදාව විසින් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ නොවැම්බර් 05 වෙනිදාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img