තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිලිණිගේ වංචා ගැන ජීවන්ගෙන් ප්‍රශ්න කෙරේ

    තිලිණිගේ වංචා ගැන ජීවන්ගෙන් ප්‍රශ්න කෙරේ

    තිලිණි ප්‍රියමාලි විසින් කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව ප්‍රවීණ රංගන ශිල්පී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කල කැදවීමකට අනුව ඔවුන් දෙදෙනා පෙරේදා (05) පැමිණි බවත් එහිදී පැය 05ක පමණ කාලයක් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    තිලිණි ප්‍රියමාලි සමඟ ජීවන් කුමාරතුංග මහතාටත් ඔහුගේ බිරිඳටත් තිබුණු සම්බන්ධකම් ගැන මෙන්ම ජීවන් කුමාරතුංග මහතාගේ ජීවන චරිතය අලලා තිලිණි විසින් නිෂ්පාදනය කළේ යැයි කියන චිත්‍රපටය ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර තිබෙන බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img