තවත්
    මුල් පිටුවදේශීය පුවත්විශ්‍රාමික ගුරුවරියගේ නිවසට පැන කෝටියක බඩු ඉස්සූ කුඩ්ඩා අල්ලයි

    විශ්‍රාමික ගුරුවරියගේ නිවසට පැන කෝටියක බඩු ඉස්සූ කුඩ්ඩා අල්ලයි

    පිළියන්දල නගරයේ පිහිටි විදුලි හා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවිකිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුගේ මවක් වන විශ්‍රාමික පාසල් ගුරුවරියක පදිංචිව සිටින පිළියන්දල මකුළුදූවේ පිහිටි නිවසකට ඇතුළු වී රුපියල් කෝටියක් වටිනා රන් හා රිදී භාණ්ඩ සහා විදෙස් මුදල් තොගයක් සොරාගෙන පළාගොස් සිටි මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැව සිටින පුද්ගලයෙකුව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගත්තේය.

    සොරාගත් මුදල් අතර විදෙස් මුදල් නෝට්ටුවලින් ජපන් යෙන් 1000 ක නෝට්ටුවක්, තායිලන්ත බාත් 20,100 සහ 1000 නෝට්ටු 14ක් සහ ඉන්දීය 10,50,100 නෝට්ටු 10ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    ඊට අමතරව මෙම සැකකරු විසින් සොරාගත් රන් භාණ්ඩ වලින් කොටසක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම රන් භාණ්ඩවලින්ද කොටසක් සොයාගෙන ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවල උකස්කර තිබියදීය.

    මෙම සැකකරු දිලීප චතුරංග නොහොත් ලාපා නැමැති 31 වියැති අයෙක් බව පොලීසිය කියයි. පිළියන්දල මකුළුදූවේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු වෘත්තීයෙන් සොරෙක් බවද විමර්ශන වලින් අනාවරය වී තිබේ.

    පොල්කඩන්නෙක් ලෙස මාර්ගයේ ඇවිදින මෙම පුද්ගලයා වසා ඇති නිවාස වලට රිංගා දේපොල සොරා ගැනීම්වල නිරතව සිටින බව පොලීසිය කියයි.

    විශ්‍රාමික ගුරුවරියගේ නිවස වසා ඇති අයුරු දැක ඉකුත් සැත්තැම්බර් 27 වෙනිදා පෙරවරුවේ ඔහු එම නිවසට ඇතුළු වී ඇත්තේ තාප්පය අයිනේ ඇති පේර ගසකට නැග ඒ ඔස්සේය. නිවසේ ජනේලයක් ඇර ඇති බව දුටු තමා ඒ තුළින් නිවසට ඇතුළු වූ බව ප්‍රශ්න කිරීමේ හමුවේ සොරා පවසා තිබේ.

    සොරාගත් විදෙස් මුදල් හා රන් භාණ්ඩ බැංකු සහ මූල්‍ය ආයතනවලට විකුණුමින් නුගේගොඩ පිහිටි හෝටලයක කාමරයක් කුළියට ගෙන එම හොරෙකමින් පසු අත්අඩංගුවට ගන්නා තෙක්ම එහි ගතකරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි. එම හෝටල් කාමරයේ දෛනික කුලිය රුපියල් 6000ක් වන බවත් දිනකට ඔහු රුපියල් ලක්ෂ එකහාමාරක මත්කුඩු පානයකර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වි ඇත. ඊට අමතරව ඔහු ගණිකාවන් එම කාමරයට ගෙන්වා ගෙන එම කාන්තාවන් සමඟද එකට සිට ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img