තවත්
    මුල් පිටුවදේශීය පුවත්පිහියක් පෙන්වා කතගේ රන් මාලය කොල්ලකා දුම්රියෙන් පනී

    පිහියක් පෙන්වා කතගේ රන් මාලය කොල්ලකා දුම්රියෙන් පනී

    ගනේමුල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියකට ගොඩවු කාන්තාවකට දුම්රිය මැදිරියේ සිටි පුද්ගලයෙක් විසින් උල් පිහියක් එල්ලකර ඇගේ ගෙල බැදි රන් මාලය සහ අත්බෑගය කොල්ලකා ගම්පහට ආසන්නයේදී ධාවනය වන දුම්රියෙන් පැන පළාගොස් තිබේ.

    මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ පෙරවරු 10.30 ට පමණ බව ගම්පහ පොලීසිය සඳහන් කරයි.

    කොල්ලකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වන වත්තේගම පදිංචි කාන්තාවකි. රන් මාලය රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමක් ඇති බවත් අත් බෑගයේ රුපියල් ලක්ෂයක මුදලක් සහ ජංගම දුරකතන 02ක් තිබුණු බවත් ඇය පොලීසියට සඳහන් කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img