තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

    මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

    පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපතිවරයා වශයෙන් හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත්කර තිබේ.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම්කර ඇත්තේ ජයලත් ර.වි දිසානායක,ඩබ්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් හා අයි.ඒ හමීඩ් මහත්ම මහත්මීන්ය.

    මෙම කමිටුව නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක අතර එය ලබන 2023 වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක පරිදි පත්කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img