තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්කිපොක්ස් ආසාදිතයා සුව අතට

    මන්කිපොක්ස් ආසාදිතයා සුව අතට

    වඳුරු උණ හෙවත් මංකිපොක්ස් රෝගය වැළඳී ඇති බව තහවුරු වූ රෝගියා මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව එම රෝහල් ආරංචි මාර්ග කියයි.

    වඳුරු උණ වැළඳිය හැක්කේ රෝගියකු ඉතා සමීපව ආශ්‍රය කරන්නෙකුට වන අතර වාතයෙන් එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු කියති.

    එම රෝගියා ඩුබායි රාජ්‍යයේ සිට පැමිණ සිය නිවසේ සාමාජිකයන් සමඟ ඔවුන් කිසිවකුට වඳුරු උණ රෝග ලක්ෂණ මතුව නැතැයිද ඔවුහු කියති.

    කෙසේ වෙතත් රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට දින කිහිපයක් නිවසට වී සිටින ලෙස උපදෙස් ලබාදී ඇතැයි ද වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු කියති.

    ඩුබායි රාජ්‍යයේ සිට ඉකුත් 20 වැනි දින මෙරටට පැමිණි එම පුද්ගලයාට මන්කිපොක්ස් ඇතැයි තහවුරු වීමත් සමඟ සෞඛ්‍ය අංශවල දැඩි අවධානය ඔහු වෙත යොමුව තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img