තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හැලොවීන් සැමරුමේදී මියගිය ලාංකිකයා වෙනුවෙන් ද.කොරියානු රජයෙන් වන්දියක්

    හැලොවීන් සැමරුමේදී මියගිය ලාංකිකයා වෙනුවෙන් ද.කොරියානු රජයෙන් වන්දියක්

    හැලොවින් සැමරුම් උත්සවයක් අතරතුර හටගත් තෙරපීමෙන් දකුණු කොරියාවේ දී මියගිය ශ්‍රී ලාංකිකයාගේ පවුල වෙත මූල්‍යාධාරයක් ලබාදීමට කොරියානු රජය තීරණය කර තිබේ.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට කොරියානු තානාපති සැන්තුෂ් වොන්ජින් ජියෝන්ග් මහතා අතර පැවති හමුවකදී තානාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

    මහනුවර උඩතලවින්න මඩිහේ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිනාත් නමැති තරුණයා එම අනතුරින් මියගොස් තිබුණි.

    ඔහු වසර 02 ක කාලයක් දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිට ඇති අතර මාස 02කට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වී තිබේ.

    විවාහයෙන් පසු නැවත දකුණු කොරියාව බලා ගොස් ඇත්තේ මීට මාස එකහමාරකට පෙරය.

    පසුගිය 30 වනදා දකුණු කොරියාවේ සෝල් අගනුවර මෙම මළවුන්ගේ සැමරීමේ එළිමහන් හැලොවින් උත්සවය පැවති අවස්ථා‍වේදී එහි ඇතිවු තෙරපීම් හේතුවෙන් 150කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබී ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img