තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්MRI හි වෛද්‍ය පරීක්ෂණ 40ක් නවතී

    MRI හි වෛද්‍ය පරීක්ෂණ 40ක් නවතී

    කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ වන විට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ හතළිහකට අධික සංඛ්‍යාවක් නතර කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

    පුරස්ථි ග්‍රන්ථි විශේෂිත ප්‍රතිදේහජනක සහ ශරීරයේ තයිරොයිඩ් හෝමෝන නිපදවීම හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වැනි ලිල්මැන්ඩලික් අම්ල පරීක්ෂණය ඇතුළු පරීක්ෂණ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුනොකරන බවද රවි කුමුදේශ් මහතා කීය.

    සෞඛ්‍ය බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව ඇතැම් පරීක්ෂණ පෞද්ගලික රසායනාගාරවලට යොමු කිරීම, ඖෂධ හා උපකරණ බාහිරින් මිලදී ගැනීමේ ඇති වාසි ආදී විවිධ හේතු මත වෛද්‍ය පරීක්ෂණ නතර වී තිබෙන බවද ඔහු කීය.

    සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය ඖෂධ හා රසායනාගාර ප්‍රතික්‍රියක මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව, ලෝක බැංකුව ඉන්දියානු ණය ආධාර ආදිය හරහා මුදල් ලබාගැනීමට හැකියාව ඇතත් සෞඛ්‍ය බලධාරීන්ගෙ අකාර්යක්ෂමතාව හේතුවෙන් කිසිවක් සිදුනොවන බව ද රවි කුමුදේශ් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img