තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුවන්කන්දේදී බස් දෙකක් ගැටෙයි - කාන්තාවක් මරුට - 38ක් රෝහලේ

    උතුවන්කන්දේදී බස් දෙකක් ගැටෙයි – කාන්තාවක් මරුට – 38ක් රෝහලේ

    මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් අද දහවල් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් මගීන් 38 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

    මියගොස් ඇත්තේ 67 වියැති මොලගොඩ පදිංචි විශ්‍රාමික ගුරුවරියකි.

    තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මාවනැල්ල රෝහල් තොරතුරු සඳහන් කළේය.

    මාවනැල්ල දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයක් මාර්ගය අයිනේ නවතා මගීන් ගැනීමේ නිරතව තිබුණු බස් රථයකට ඉස්සර කර ගමන් කරනවාත් සමඟ ඉදිරියෙන් පැමිණි පුද්ගලික මගී බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    බස් රථ දෙකේම රියදුරන් මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img