තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල යළිත් අඩුකරන්න ලෑස්තියි - ණයත් සෑහෙන ගෙවලා

    ලීට්‍රෝ ගෑස් මිල යළිත් අඩුකරන්න ලෑස්තියි – ණයත් සෑහෙන ගෙවලා

    ලීට්‍රෝ දේශීය ගෘහස්ත ගෑස් මිල ලබන මස මුල් සතියේදී තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ද එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

    “ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට අපි පොරොන්දු වුණා වගේම ලෝක බැංකුවෙන් ලැබුණු ණය මුදල තවමත් ලැබෙමින් පවතිනවා.

    නමුත් අපි ලබාගත්ත මුල් කොටස් ගෑස් අර්බුදය විසඳන්න පාවිච්චි කරලා නැවත වතාවක් අපි රුපියල්වලින් ගෙවන්න පටන් අරන් තියෙනවා.

    අපි සැප්තැම්බර්වල ගෙව්වා බිලියන 6.5ක්. ඒ වගේම අපි කිව්වා ඔක්තෝබර්වල බිලියන 7ක ණයක් ගෙවනවා කියලා. සිකුරාදා අවසන් වෙද්දි නැවත වතාවක් බිලියන 7.5ක් අපි ගෙවලා අවසන් කළා. අපි ලිට්‍රෝ ගෑස් ආයතනය විදියට අපේ වගකීමක් ඒක.

    අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසය ඇතුළත අනෙකුත් ණය මුදල ගෙවලා අවසන් කිරීමට.

    විශේෂයෙන්ම මේ වෙලාවේ නිරීක්ෂණය කරනවා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ උච්චාවචනයන් අනුව අපි හිතනවා නොවැම්බර් මස මුලදි නැවත වතාවක් ගෑස් මිල අඩු කරන්න.” යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

    ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 4,280කට අලෙවි වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img