තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔට්ටු සුරා සූදු බදු ඉහළට

    ඔට්ටු සුරා සූදු බදු ඉහළට

    කැසිනෝ ඇතුළු ඔට්ටු, සූදු බදු මුදල ඉහළ දමා තිබේ.

    2022 අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා වහාම වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

    තවද සජීවී ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානවල වාර්ෂික බදු රු. 600,000 සිට රු. මිලියනයක් වන දක්වා ඉහළ නැංවේ.

    පිරිවැටුම් බද්ද 15% දක්වා වැඩි කර ඇති බව ඔහු පැවසීය.

    ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සුදු පනත කඩිනමින් සංශෝධනය කරනු ලැබේ.

    ඒ අනුව කැසිනෝ සඳහා මෙතෙක් නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළු වීමේ දී ඩොලර් 20ක ගාස්තුවක් අය කෙරෙනු ඇත.

    සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කෙරේ.

    පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩි වේ.

    ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.

    සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/= සිට රුපියල් 75,000/= දක්වා වැඩි කෙරේ.

    මේ සියල්ලටම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

    මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතහොත් මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අය වේ.

    දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය වේ.

    අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් ද 40%ක ආදායම් බද්දක් අය කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img