fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

    සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

    පොල් වගාවට හානිකරනු ලබන සුදුමැස්සා නම් කෘමියා මේ වනවිට දිස්ත්‍රික්ක 11 පමණ ව්‍යාප්තව සිටින බව පොල් පර්යේෂණායතනය සඳහන් කරයි.

    එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි හෙට්ටිආරච්චිගේ සඳහන් කළේ මෙම කෘමියාගෙන් සිදුවන බලපෑමෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පොල් වගාවෙන් සියයට 50ට පමණ හානි සිදුව ඇති බවයි.

    ඉන් පසුව වැඩිම හානිය සිදුව ඇත්තේ කෑගල්ල සහ කලුතර දිස්ත්‍රික්කවලටය.

    මෙම සුදුමැස්සා කහපාටට වැඩි ආකර්ශනයක් දක්වන බැවින් තැඹිලි වගාවට වැඩි හානියක් සිදුවන බව දැනට සිදුකරන පරීක්ෂණවලින් තහවුරු වූ බවද ඇය සඳහන් කළාය.

    සුදුමැස්සාගෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීමට දැනටමත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව ඇය පැවසුවාය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.