තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන්න සූදානම්

    භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන්න සූදානම්

    ඉදිරි සති දෙක තුළදී ආනයන සීමා කිහිපයක් ලිහිල් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ති‍බේ.

    රථවාහන අමතර කොටස්, රූපලාවන්‍ය නිෂ්පාදන, අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම සීමා ඉවත් කිරීමට කටුයුතු කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.

    ඩොලර් අර්බුදය හා රටේ ආර්ථික ගැටලුව හේතුවෙන් ආනයන සීමා පැනවීමත් සමඟ එම භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළයමින් පවතී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img