තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජන නිසා රෝහල්වල විකිරණ සේවා අඩාලයි

    වර්ජන නිසා රෝහල්වල විකිරණ සේවා අඩාලයි

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ රාජකාරිවලින් කොටසක් භෞතික විද්‍යාඥයින්ගේ රාජකාරියට ඇතුළත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පියවර ගෙන ඇතැයි චෝදනා කරමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල විකිරණ ප්‍රතිකාර සේවා අද(20) අඩාල වී තිබිණ.

    රටපුරා රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණ සී ඩී.එම්.ආර්.අයි. සහ කිරණ පරීක්ෂණවලත් මුත්‍රාශයේ ගල් කුඩු කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම් ආදි කටයුතුත් අද සිදුනොවූ බව ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවසීය.

    සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද භෞතික විද්‍යාඥවරුන්ගේ රාජකාරි ලයිස්තුවට විකිරණ ශිල්පී අධිකාරින්ගේ රාජකාරිත් ප්‍රතිකාර නිලධාරීන්ගේ රාජකාරිත් රෝග නිධාන පරීක්ෂණවලිනුත් කොටස් බැගින් එකතු කර භෞතික විද්‍යාඥවරුන්ගේ රාජකාරි ලයිස්තුවට පවරා තිබෙන බවද ඈපා මහතා කීය.

    මෙම තත්වය වෙනස් නොකළ හොත් ඉදිරියේදී තවත් දැඩි පියවර ගන්නා බව ද ඔහු කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img