තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'මෙරට දේශපාලකයින් බහුතරය වංචනිකයන්ට දේශපාලන රැකවරණ දෙනවා'

    ‘මෙරට දේශපාලකයින් බහුතරය වංචනිකයන්ට දේශපාලන රැකවරණ දෙනවා’

    මෙරට දේශපාලනඥයින් බහුතරයක් වංචාවට දූෂණයට එරෙහි නොවන අතර ඔවුන් වංචනිකයින් හා දූෂිතයින්ට දේශපාලන රැකවරණය ලබා දෙන්නේ යයි වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියෝ අද පැවසූහ.

    රටේ පාලකයින්ට සහ දේශපාලනඥයන්ට කොතෙක් දැනුවත් කළ ද කොතෙක් අනුශාසනා කළ ද ඉන් පලක් නොවන බව ද අස්ගිරි මහනාහිමියෝ කීහ.

    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ නියෝජිතයින් පිරිසක් අද මහනුවරට ගොස් අස්ගිරි මහනාහිමියන් බැහැදැක ශ්‍රී ලංකා ගුවන් සමාගම සම්බන්ධයෙන් රජය ගැනීමට සූදානම් වන පියවර ගැන පැහැදිලි කළ අවස්ථාවේ මහ නා හිමියෝ එසේ කීහ.

    එහිදී අස්ගිරි මහ නාහිමියෝ මෙසේද පැවසූහ. “කලින් කලට පත්වන දේශපාලනඥයින් බහුතරයක් සහ නිලධාරීන් බහුතරයක් රට ගැන හිතන්නේ නෑ. ඔවුන් වංචාවට දූෂණයට විරුද්ධ අය නෙවෙයි”.

    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ නියෝජිත පිරිස තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නාහිමි බැහැදැක කරුණු දී ඉදිරිපත් කළහ. එහිදී මල්වතු මහ නාහිමියෝ මෙසේද පැවසූහ.

    “නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට බලය ලබාගත් දේශපාලනඥයින් බහුතරය රට හැදීමට නොව විනාශ කිරීමට මුල් වී කටයුතු කරනවා. මේ වන විට බහුතර රාජ්‍ය අංශය වංචාවෙන් හා දූෂණයෙන් පිරී ගොස් තිබෙනවා. දේශීය ව්‍යාපාර ආරක්ෂා කරන බවට සපථ වෙමින් බලයට පත්වන දේශපාලකයන් කටයුතු කරන්න ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට. ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩු ලබන ආයතනයක් බවට රජය මේ වෙනකොට ප්‍රකාශ කොට තිබෙනවා. හම්බන්තොට ගුවන්තොටුපල නඩත්තු වන්නේ ද කටුනායක ගුවන් තොටුපලේ ආදායමෙන් බවද එම ආයතන ගොඩ ගැනීමට නම් විධිමත් පරිපාලනයක් අවශ්‍ය බව” ද මහ නා හිමියෝ එහිදී පැවසූහ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img