තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන්ට පාසලේදී බොන්න වතුරත් නැතිවෙන ලකුණු

    සිසුන්ට පාසලේදී බොන්න වතුරත් නැතිවෙන ලකුණු

    ජාතික ජලසම්පාදන මණ්ඩලය, පාසල්වලට ජල බිල්පත් නිකුත් කිරීමෙන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර ඇතැම් පාසල්වල ජල සබඳතා අත්හිටුවන බවට අවසන් නිවේදන නිකුත් කර ඇතැයි ද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    ජල සම්පාදන මණ්ඩලය මෙතෙක් පාසල්වලින් ජල ගාස්තු අය නොකල අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට ගාස්තු අය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කීවේය.

    පාසල් වල ජල සබඳතා අත්හිටුවූ හොත් දරුවන්ට බීමට ජලය නොමැති වීමෙන් ගැටළු සහගත තත්වයක් මතුවන බවද ඔහු කීය.

    මේ වසරේ ජනවාරි මස පළ වෙනි දින සිට මේ දක්වා හිඟ මුදල් ද සහිතව ජල බිල්පත් ගෙවන ලෙස ද දින 14 ක් ඇතුලත නොගෙවුවහොත් සබඳතා අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

    ජල සම්පාදන මණ්ඩලය පාසල් වලට ලබාදෙන ජලය වෙනුවෙන් රුපියල් මිලියන 26 ක පමණ මුදලක් වැය කරන නමුත් පාසල් වලින් බලාපොරොත්තු වන්නේ රුපියල් මිලියන 12 ක සහන මුදලක් බව දෙන සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img