තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා ඩෙංගු උණ රෝගීන්ගේ වැඩිවීමක්

    රටපුරා ඩෙංගු උණ රෝගීන්ගේ වැඩිවීමක්

    රටපුරා ඩෙංගු උණ රෝගීන් හමු වීමේ වැඩි වීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    රට පුරා විවිධ ප්‍රදේශවලින් ඉකුත් සතියේ දී ඩෙංගු උණ රෝගීන් 1178 දෙනෙකු හමු වූ අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 2.3% ක ඉහළ යාමක් බව ඩෙංගු මර්දන ඒකකය කියයි.

    වාර්තාවන ඩෙංගු උණ රෝගීන් 47% ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ද එම ඒකකයේ දත්ත වාර්තා සඳහන් කරයි.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 15.5 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට 22ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට 4.7ක් ආදී ලෙසට ඩෙංගු ගුණ රෝගීන් රෝග ඒකකයේ දත්ත වාර්තා සඳහන් කරයි.

    කහතුඩුව මිරිගම බේරුවල ගම්පොල අක්මීමන යාපනය නගරය, අඩ්ඩාලච්චේන මාවනැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ දැඩි අවදානම් කලාප ලෙස හදුනා ගෙන තිබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img