තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ඉහළට

    මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ඉහළට

    විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකිරීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කරන බවය.

    දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5500 කි. 

    මහපොළ සාමාන්‍ය මාසික ශිෂ්‍යාධාරය 5000 ක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.

    උද්ධමනය ඉහළ යාමත් සමග මෙම ප්‍රමණය 50% කින් ඉහළ නැංවීමට ‍අපේක්ෂිතයි.

    ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ, ලබන ජනවාරි මස සිට ශිෂ්‍යාධාරය වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img