තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තව ටික දවසයි.. ආධාර දීමනා ඕන අය ඉක්මනින් රෙජිස්ටර් වෙන්න

    තව ටික දවසයි.. ආධාර දීමනා ඕන අය ඉක්මනින් රෙජිස්ටර් වෙන්න

    සමෘද්ධි සහ අනෙකුත් ආධාර සත්කාර ලබාදීම සඳහා අයදුම්පත් භාරගැනීම මේ මස 28 වැනි දින දක්වා දීර්ඝ කළ බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජේරත්න මහතා පැවසීය.

    සමෘද්ධි, වැඩිහිටි ආධාර , ආබාධිත, වකුගඩු සහ මහජන ආධාර දැනට ලබන්නන් මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින්නන් ද එම ආධාර අපේක්ෂා කරන්නන් ද ලියාපදිංචි වීම අනිවාර්ය බව ඒ මහතා පැවසීය.

    මින් ඉදිරියට එම ආධාර ලබා දෙන්නේ මෙම වැඩසටහන යටතේ ලියා පදිංචි වන්නන්ට පමණක් බව ද ඔහු කීවේය.

    තම ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරී හෝ ග්‍රාම නිලධාරී හමුවී විස්තර ලබාගත හැකි අතර ආදර්ශ අයදුම්පත පුරවා ඉක්මනින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බාරදෙන ලෙසද ඉල්ලා සිටින බව විජයරත්න මහතා වැඩිදුරටත් කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img