fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවෙන් තවත් ඖෂධ තොගයක්

    ඇමරිකාවෙන් තවත් ඖෂධ තොගයක්

    ඇමරිකාව ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් 70,000 ක පමණ වටිනා ඖෂධ හා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් ඊයේ එම අමාත්‍යංශයේ දී පැවැති අතර එහිදී එම ඖෂධ තොගය පරිත්‍යාග කිරීම සිදුවිය.

    හදිසි ප්‍රතිකාර ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ එම තොගයට අයත් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    ආහාර සුරක්ෂිතතාවය සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දෙන බවද එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා ඇමරිකානු තානාපතිනිය හමුවේ සඳහන් කළාය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.