තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඥානසාර හිමිට උසාවියෙන් ලැබුණු නි‍යෝගය

    ඥානසාර හිමිට උසාවියෙන් ලැබුණු නි‍යෝගය

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තා වේ.

    ඒ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

    ඥානසාර හිමියන් මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවා ඇත.

    ඥානසාර හිමියන් නොපැමිණීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට විත්තිකාර පාර්ශ්වය අපොහොසත් වීම නිසා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට අධිකරණය තීරණය කර ඇතැයි සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට බී වාර්තාවක් ගොනු කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img