තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල කාබනික පොහොර දුන්නොත් බ්ලැක් ලිස්ට්

    බාල කාබනික පොහොර දුන්නොත් බ්ලැක් ලිස්ට්

    මහ කන්නයේ දී කාබනික පොහොර සපයන ආයතන තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයූවහොත් එම සමාගම් අනිවාර්යයෙන්ම අසාදු ලේඛනගත (Black List) කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ජාතික ගොවි සමුළු නියෝජිතයන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී ගොවි නියෝජිතයන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ඉකුත් සමයේදී කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් 2021 මහ කන්නයේ දී කාබනික පොහොර යැයි හඳුන්වමින් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් තමන්ට නිකුත් කළ බවයි.

    එබැවින් මෙවර මහ කන්නයේදී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික නොකර පොහොර නිකුත් නොකරන ලෙස ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් කාබනික පොහොර සාම්පලවල ප්‍රමිතිය පරීක්ෂා කරන අතරම, ගොවිජන මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට මිලදී ගැනීම සඳහා සපයන කාබනික පොහොර සියල්ලම වරින් වර පරීක්ෂාවට ලක් කිරීමටත්, ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර පමණක් ගොවීන්ගේ තෝරා ගැනීම යටතේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    කාබනික පොහොර මිල දී ගැනීම සඳහා එක් ගොවියෙකුට රුපියල් 20,000ක මුදලක් රජය මඟින් සහනාධාර වශයෙන් ලබා දීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img