තවත්
    මුල් පිටුවspecial‘අභ්‍යවකාශ පන්තියේ’ තුන්වැනි පාඩම සාර්ථකයි

    ‘අභ්‍යවකාශ පන්තියේ’ තුන්වැනි පාඩම සාර්ථකයි

    ‘ Tiangong අභ්‍යවකාශ පන්තියේ ’ තුන්වැනි පාඩම සාර්ථකව පැවැත්වේ. මෙය අද(12) පස්වරුවේ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණ.

    Shenzhou 14 අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩලයේ Chendong සහ Cai Xuzhe යන ගගනගාමීන් දෙදෙනා සහ  Liuyang ගගනගාමිනිය එම පාඩම ඉගැන්වූහ.

    චීන ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුබද්ධ Wentian මොඩියුලයේ රැඳීසිටිමින්  කළ ප්‍රථම පාඩම මෙයයි.
    මෙම පාඩම පෘථිවියේ රැඳීසිටින්නන් හා අන්තර්ක්‍රියාවක් ලෙසින් සිදුකෙරිණ.

    Wentian මොඩියු‍ල පරිශ්‍රය ප්‍රදර්ශනය කිරීම සහ අඩු ගුරුත්වාකර්ෂණ තත්ත්වයේ දී ජලය පානය කිරීමේ අත්දැකීම මෙන්ම අභ්‍යවකාශයේ ශාක වර්ධන ව්‍යාපෘතිය පිළිබඳව පුළුල්ව විග්‍රහ කිරීම ද මෙහිදී සිදුවිය.

    “අභ්‍යවකාශ පන්තිය” මීට පෙර දෙවරක් සාර්ථක ව පැවැත්වුණු අතර, ඊට  ඉහළ ප්‍රතිචාර හිමිවිය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img