තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙන් තනතුර ගත් සෝල්හයිම් මහින්ද හමුවෙන්න ගිහින්

    ජනපතිගෙන් තනතුර ගත් සෝල්හයිම් මහින්ද හමුවෙන්න ගිහින්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලෝක කාලගුණ උපදේශක තනතුරට පත් නෝර්වේ හිටපු කාලගුණ සහ පරිසර අමාත්‍ය එරික් සොල්හයිම් මහතා අද හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා හමුවී තිබේ.

    අද (12) කොළඹ දී සිදුවූ මේ හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලෝක කාලගුණ උපදේශක තනතුරට පත්වීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් සොල්හයිම් මහතා වෙත සුබ පැතුම් එක් කර ඇත.

    එම සාකච්ඡාවේ දී වර්තමානයේ අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ ඇත.

    නෝර්වේජියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ආරාධනා කළ බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබා දෙන බව සොල්හයිම් මහතා එහි දී අවධාරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img