තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු මෙන්න..

    මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු මෙන්න..

    සරුංගල් ආරවුලක් මුල්කරගෙන කාලයක් තිස්සේ පවුල් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ ගමන්ගෙදර ගම්මානයේ නිවසකට කඩා වැදී පියෙක් සහ පුතුන් දෙදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පලාගොස් සැඟවී සිටින වෙඩික්කරුවා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

    ගුවන් හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමැති එම වෙඩික්කරුවා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහින්දාරාම පාරේ පදිංචිකරුවෙකි. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් වන ඔහු අවුරුදු 39ක් වයසැති අයෙකි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙහි දැක්වෙන ඡායාරූපයේ සිටින සැකකරුකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ගම්පහ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 0718591608 දුරකතන අංකයට හෝ සහකාර පොලිස් අධිකාරීවරයාගේ 0718591610 දුරකතන අංකයට හෝ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718591612 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img